විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 1087ක් දිවයිනට

Sri Lanka
By Thaya Feb 07, 2021 08:48 PM GMT
Report

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 1087 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.අද පෙරවරු 8.30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ සිදුකළ ගුවන් මෙහෙයුම් 22ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බව සඳහන්.එම පිරිස අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් හිරිහැර වලට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 306 දෙනෙකු මෙන්ම, කටාර් රාජ්‍යයේ සිට පැමිණි 165 දෙනෙකු ඇතුළත් බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.