එක් මාර්ගයක අහඹු පරීක්ෂණයකින් නව කොරෝනා ආසාදිතයින් 106ක්...බරපතල තත්ත්වයක්.

Covid-19 Hatton
By Thaya Jan 17, 2021 08:16 PM GMT
Thaya

Thaya

Report

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පී. සී. ආර්. පරීක්ෂනවලදි කොවිඩ් ආසාදිතයන් 106 දෙනකු හමුවී ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසනවා.

කාමදේවන් මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පිටස්තර ප්‍රදේශවල සිට පැමිනෙන එක් ප්‍රධාන මාර්ගයක් වන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේදි මාසයකට අධික කාලයකදි පුද්ගලයන් 1825 දෙනකු අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරීමට පියවර ගත් බවත්යි.

එසේ කරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 106 දෙනකු හදුනා ගෙන ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවද ඔහු කීය.

එසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ බවත් තවත් පිරිසක් මස්කෙළිය, කොටගල, නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද කාමදේවන් මහතා පැවසීය.