රජයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලාංකිකයෝ 100 දෙනෙක් දිවයිනට...
විවිධ හේතූන් මත කුවේට් රැදවුම් කදවුරු වල හා තානාපති කාර්යාල ආරක්ෂිත නිවස්නයේ රදවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයෝ රජයේ මැදිහත් වීමෙන් දිවයිනට ගෙන්වීමට පියවර ගැනෙති. ඒ අනුව 100 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පසුගිය සදුදා (08) අළුයම දිවයිනට පැමිණියහ. කුවේට් ජසීරා ගුවන් සේවයට අයත් J 9551 ගුවන් යානයෙන් සදුදා අළුයම 05.45 ට දිවයිනට පැමිණි මෙම පිරිස මේ වන විට රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය සදහා යොමු කර ඇත. මෙම පළමු කණ්ඩායමට කුවේට් රාජ්‍ය යේ රැදවුම් ස්ථාන වල සිටි ශ්‍රී ලාංකිකයෝ 70 ක් තානාපති කාර්යාල ආරක්ෂිත නිවස්නයේ රැදී සිටි 22 දෙදෙනෙක් හා විවිධ හේතුන් මත දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි 08 දෙනෙකු ද ඇතුළත් වූහ.
ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ, සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස කුවේට්හි අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයන් රජයේ මැදිහත් වීමෙන් ගෙන්වා ගැනීමට තීරණය කෙරිණි. ඒ අනුව එලෙස කුවේට් රැදවුම් කදවුරු වල හා ආරක්ෂිත නිවස්න වල රැදී සිටින
නීත්‍යානුකූල බාධාවක් නොමැති අය මෙලෙස මෙරටට ගෙන්වීමට කටයුතු යොදා තිබේ. කුවේට් තානාපති කාර්යාල පවසන්නේ කුවේට් රජයේ රැකවරණය යටතේ ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුපිටුවහල් කිරීමේ මධ්‍යස්ථානයේ 148 දෙනෙකු අනවසර රැදවුම් දෙපාර්තුමේන්තුව යටතේ 160 දෙනෙකු හා පොලිස් ස්ථානවල 250 දෙනෙකු විවිධ හේතුන් මත රදවා ගෙන ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුවේට් ශාඛාවේ සභාපති සුමිත් නිශාන්ත මහතා සදහන් කළේ සිය සංගමය පසුගිය කාලයේ දී මේ පීළිබද ව රජයේ අවධානය යොමු කළ බවයි. ඒ අනුව නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් මේ සදහා මැදිහත් වූ බව ද ඔහු කියා සිටී.
කුවේට් රාජ්‍ය යේ සිටින ශ්‍රී ලාංකිකයෝ 6000 පමණ දිවයිනට පැමිණිමට ලියාපදිංචි වී සිටියහ. ඉන් 3221 දෙනෙකු මේ වන විට මෙරටට පැමිණ ඇතැයි කුවේට් තානාපති කාර්යාලය පවසයි. මේ වන විට දිවයිනට පැමිණ ඇති විදෙස්ගත ශ්‍රමිකයන් සංඛ්‍යාව 80,000 ඉක්මවයි. ඉන් බහුතරයත් පැමිණ ඇත්තේ මැදපෙරදිග කළාපයේ රටවලිනි.