නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට GMOA වෙතින් යෝජනා 10ක්
GMOA
By Thaya
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පත්කර ඇති කොමිෂන් සභාව වෙත නව යෝජනා 10ක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබේ. එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදේණිය මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතේ පමණක් බලපැවැත්විය යුතු බවට වන යෝජනාවක් ද ඉදිරිපත් කළ බවය. "රටට වැදගත් යෝජනා 10ක් අපි ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමේදී ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියට අනුකූලව පමණක් සිදුවිය යුතු බවත් එය අවසානයේ සම්මත කිරීම ජනමත විචාරණයකින් පමණක් සිදුකළ යුතු බවත් අපි එතනදි සඳහන් කළා."