ඇමති වාසුගේ පළමු පෙළ ආශ්‍රිත මන්ත්‍රීවරු 10ක් හඳුනාගැනේ

Minister
By Thaya Jan 13, 2021 05:29 PM GMT
Report

කොරෝනා ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10ක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම මන්ත්‍රීවරු සියලුදෙනා සහ අදාළ අංශ මේ වන විට දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේ දී දින 4 ම පාර්ලිමේන්තුවට පැමිණ තිබු බව ද හෙතෙම සඳහන් කළේය.

ලබන 13 සහ 15 යන දිනවල දී පෙ.ව 10 සිට පස්වරු 3 දක්වා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බැවින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස කථානායකවරයා දන්වා තිබේ.