හකීම් ඇසුරු කළ මන්ත්‍රීවරු 10 දෙනෙක් හඳුනාගෙන

Parliment hakeem
By Thaya Jan 12, 2021 11:33 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් නයින්ටින් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමෙන් පසු එම මන්ත්‍රීවරුන් හඳුනාගෙන ඇති බවය.

පසුගිය 5 වන දින පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල යන අය රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ පාර්ලිමේන්තුව තුළ සමීපව සිට ඇත.

ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, සාන්‍යකියන් රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් දෙදෙනාද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ සමීපව කතාබහේ නිරත වී ඇති බව වාර්තා වවේ.

ඊට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු පසුගිය සිකුරාදා දිනයේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් ඇති අතර තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ආසන්නයේ රැඳී සිට ඇත.

පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපයේ සිටීම හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අදාළ මන්ත්‍රීවරුන්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති අතර ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු වන ලෙස දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අද පෙරවරුවේ තහවුරු වූ අතර ඔහු ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා තිබුණි