ඔලුවේ කැක්කුමට ලේසිම විසදුම් 10ක්

Headache
By Thaya Feb 14, 2021 04:39 PM GMT
Thaya

Thaya

Report

ඔලුවෙ කැක්කුම කියලා කියන්නේ ලෝකේ ඕනම තැනක ඉන්න ඕනම කෙනෙක්ට කියාගන්න බැරි පීඩනයක්, වේදනාවක් දෙන දෙයක්. ඉතින් අද අපි කියන්න යන්නේ ඔයාලට මේ වේදනාව නැති කරගන්න පාවිච්චි කරන්න පුලුවන් ලේසි ක්‍රම 10ක් ගැන. උෂ්ණත්වය තෙරපිය ඔලුවෙ කැක්කුම තියන වෙලාවට රස්නෙ වතුරෙන් නාගන්න. එහෙම නාගන්න බැරිනම් රස්නෙ උණු වතුරෙන් පොගවපු රෙදි කෑල්ලකින් ඔලුව පිරිමදින්න. ඇරෝමා තෙරපිය ලැවෙන්ඩර් තෙල් වගේ සගන්ධ තෙල් හරි පෙපර්මින්ට් තෙල් හරි තියනවනම් හරි බිංදුවක් අරන් නළලේ ආලේප කරගන්න. මේවා සාමාන්‍ය ඔලුවෙ කැක්කුමට වගේම මිග්‍රේන් වලටත් සහනයක් ගෙනත් දෙනවා.

හොදට වතුර බොන්න විජලනය හින්දත් ඔලුවෙ කැක්කුම ඇතිවෙන්න පුලුවන්. ඒ හින්දා හොදට වතුර බිව්වොත් ඔලුව කැක්කුම ලේසියෙන් අඩු කරගන්න පුලුවන්. හැබැයි ඕනවට වඩා වැඩියෙන් වතුර බිව්වොත් ඇගේ තියන සෝඩියම් මට්ටම අඩු වෙලා, හයිපොනට්‍රේමියා (Hyponatremia) කියන තත්වය ඇතිවෙනවා. ඉගුරු ඉගුරු කියන්නේ ඉස්සර කාලේ ඉදලම පැවතගෙන එන හොදම බෙහෙතක්. ඒ හින්දා ඔලුවේ කැක්කුම තියන වෙලාවට ඉගුරු දාලා තේ එකක් හරි බොන්න. “යූනියන් වැලී” එක සම්බාහනය කරන්න

Union valley කියන්නේ ඔයාගේ අතේ මහපටැඟිල්ල හා දබරගිල්ල බැඳුණු තැන. මුලින් එතන තප්පර 10ක් විතර තදින් කොනිත්තන්න. ඊටපස්සේ අනෙක් අතේ මහපට ඇඟිල්ලෙන් ඒ තැන රවුමට පිරිමදින්න. මුලින් දක්ෂිණාවර්තව තත්පර 10කුත් ඊටපස්සේ වාමාවර්තව තත්පර 10කුත් සම්බාහනය කරන්න. මේ කටු චිකිත්සක ක්‍රමයෙන් ඔලුවෙ කැක්කුම හොද වෙනවා. පැරණි කාලේ නාඩි වෙදකමෙත් මේ දේවල් කියවිලා තියනවා. සැන් යින් ජියාවෝ” සම්බාහනය කරන්න චිකිත්සක ක්‍රමවේදයේදී ආතතිය දුරු කරලා මනස සන්සුන් කරන්න යොදාගන්න තවත් තැනක් තමයි මේ. සැන් යින් ජියාවෝ (San Yin Jiao) සම්බාහනය කිරීමෙන් ඔලුවේ කැක්කුම හොද කරගන්න පුලුවන්. මහපට ඇගිල්ල ආධාරයෙන් තත්පර 4, 5ක්‌ විතර ඒ තැන හොදින් සම්බාහනය කරන්න. විඥානයෙහි ද්වාර සම්භාහනය කිරීම.

Gates of Consciousness කියලා හැදින්වුවට අපි හැමෝම දන්න අපේ ඇගේ තැනක්. ඔයාගේ බෙල්ල පිටිපස්සේ තියන මේ තැන් දෙක අත් දෙකේම මහපට ඇඟිලි හා දබර ඇඟිලි උපයෝගී කරගෙන තත්පර 10ක් තද කරගෙන ඉදලා අතාරින්න. ආයෙත් තත්පර දහයකින් ඒකම කරන්න. ඉරුවාරදයට මේක කියාපු තෙරපියක්. ඩ්‍රිලින්ග් බැම්බු පොයින්ට් තෙරපීම Drilling Bamboo point එකට අත් දෙකේම දබරැඟිලි යොදාගෙන එකම වෙලාවෙදි තප්පර 10ක් විතර පීඩනයක් යොදන්න. ඇස් වල කැක්කුම වගේම සයනයිටිස් හින්දා ඇතිවෙන ඔලුවෙ කැක්කුමටත් මේ ක්‍රමය ප්‍රථිපලදායකයි. ශෝල්ඩර් වෙල් සම්බාහනය කිරීම

Shoulder well ප්‍රදේශයේ ඔයාගේ අතේ මහපට ඇඟිල්ලෙන් කවාකාරව මිනිත්තුවක් විතර සම්භාහනය කරන්න. මේකෙන් බෙල්ල හා උරහිසේ තද බව නැති කරලා ඔලුවේ කැක්කුමට සහනයක් සලසනවා. පියුපිල් බෝන් හෝල් පිරිමැදීම. Pupil bone hole තියෙන්නේ ඔයාගේ ඇස් දෙකේ පිටත කෙළවර. සහනයක් දැනෙනකන් මේ තැන දබරගිල්ලෙන් හරි මැදගිල්ලෙන් හරි පිරිමදින්න. ඉරුවාරදයට සහනයක් සලසා දේවි. මේ ක්‍රම අනුගමනය කරලා බලන්න ඔයාගේ ඔලුවෙ කැක්කුම අනිවාර්යයෙන් නැති වෙලා යයි.