මැණික් ගඟ වනසන හානිකර ප්‍රභවයන් 10,377ක් ..... අදාල පුද්ගලයින්ට විරුද්ධව නීතිය තදින්?
යාළ ජාතික අභයභූමියේ වනසතුන් කොපමණ ප්‍රමාණයක් මිනිසුන් විසින් බැහැර කරන පොලිතීන් අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා මරණයට පත්වෙනවාද? යන්න හෝ රෝගී තත්ත්වයට පත්වෙනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අධ්‍යයනයක් සිදු කර නැතැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ නිසා මැණීක් ගඟ අවට සංරක්ෂණ කටයුතුවල දී මිනිස් අවශ්‍යතාවයන් මෙන්ම යාළ අභයභූමියේ සතුන්ගේ අවශ්‍යතාවයනුත් සැළකිල්ලට ගත යුතු වෙයි.
පරිසර අමාත්‍යාංශය විසින් අප රටේ සමස්ත ගංගා පද්ධතියම සංරක්ෂණය සඳහා ආරම්භ කර තිබෙන සුරකිමු ගංගා වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම කතරගම පූජා
භූමිය අසල මැණික් ගඟ අසලින් ආරම්භ කිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා ලේකම්වරයා පසුගියදා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී සිදු කළ නිරීක්ෂණයන් අනුව සුරකිමු ගංගා සමාරම්භක උත්සවය කතරගම මැණික් ගඟ අසලින් ආරම්භ කිරීමට උචිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා
ද දැනුම්වත් කර තිබේ.
පරිසර අමාත්‍යාංශය විසින් කරනලද අධ්‍යයනයක් පරිදි මැණික් ගඟට හානි කරන ප්‍රභවයන් 10,377ක් ද, මැණික් ගඟ ඉවුර ඛාදනයට ලක් වන ස්ථාන 60කට වැඩ
ප්‍රමාණයක්ද, අනවසර වැලි හා මැණික් කැනීම් සිදු කරන ස්ථාන 55ක් පමණද, නාගරික කැළිකසල ඇතුලු අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 31.මළ අපද්‍රව්‍ය ගඟට බැහැර කරන ස්ථාන 10කට ආසන්න ප්‍රමාණයක් ද වශයෙන් මැණික් ගඟ ඉවුරු හා ජලය දූෂණය කරන ප්‍රභවයන් රැසක් පවතින බව මෙහිදී සිදු කළ සාකච්ඡාවේ දී හෙළිදරව් කර ගත් බව අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කළේය.
එමෙන්ම මැණික් ගඟ ඉහළ නිම්නයේ සිදු කරන අනවසර වැලි කැනීම් නිසා මෙහි ජලය බොර පැහැයෙන් දිස්වන බවත් එම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ගැටළුව විසඳුම් ලබා දීමේ දී මෙම තත්ත්වය ඉතාමත් බරපතල බවට පත්ව ඇති බවත් සාකච්ඡා විය.
තවද බැතිමතුන් රැසක් පැමිණෙන කතරගම පුජා නගරයට ජල අවශ්‍යතා සපුරා ගැනීමට තිබෙන මුළික ජල ප්‍රභවය වන මැණික් ගඟ, සුරකිමු ගංගා වැඩ සටහන
යටතේ සංරක්ෂණය සඳහා වැඩ පිළීවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය.
ඒ අනුව මෙම ගඟට අපද්‍රව්‍ය බැහැර කිරීම හා නීති විරෝධී වැලි කැණීම් සිදු කරන පුද්ගලයින් ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීමටත්, වැලි කැණීම් බලපත් ලබා ගෙන ඇති පුද්ගලයින් නීතිවිරෝධී අන්දමින් කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධව වහාම විමර්ශණයක් සිදුකර එවැනි ක්‍රියා සිදු කරන පුදුගලයින්ගේ කැණීම් බලපත්අහෝසි කරන ලෙසත් අමාත්‍යවරයා භූ විද්‍යා හා පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේය.
මැණීක් ගඟ සම්බන්ධව සිදු කළ නිරීක්ෂණ චාරිකාවට කිරිවෙහෙර නායක ස්වාමින්වහන්සේ, දිස්ත්‍රික් ලේකම් , කතරගම දේවාලයේ බස්නායක නිළමේ තුමා ඇතුලු
පිරිසක් සහභාගි වුහ.