හිටපු ප්‍රබල දේශපාලකයෙකු ඇතුළු 08ක් රිමාන්ඩ්

Politician
By Thaya Mar 18, 2021 05:55 PM GMT
Report

බැඳුම්කර වංචා නඩුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 08 දෙනෙකු මෙම මස 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් තීන්දුවකට අනුවයි.මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබුවා.

ඉන් අනතුරුව විත්තිකරුවනට ඇප නියම කරන ලෙස විත්තිකරුවන්ගේ නීතිඥවරු ඉල්ලා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඊට දැඩව විරුද්ද වූවා. ඒ අනුව සැකකරුවන් මෙම මස 23 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුනා.