බෝට්ටුවෙන් වැටුන තරුණයා එංජිමට හසුවී මිය යයි.

Boat
By Thaya Apr 07, 2021 09:25 PM GMT
Thaya

Thaya

Report

යාපනය මරඳන්කේනි පොලිස් වසමේ චැම්පියන්පත්තු මුහුදු සීමාවේ බෝට්ටුවකින් යමින් සිටි තරුණයෙකු වැටී බොට්ටුවේ එන්ජිමට හසුවීමෙන් තරුණයා මිය ගොස් ඇති බවට මරඳනකේනි පොලීසිය පවසයි. යහළුවන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් චැම්පියන්පත්තු මුහුදු සීමාවේ බෝට්ටුවකින් යමින් සිටියදී එක් තරුණයෙකු හදීසියේම බොට්ටුවෙන් වැටී ඇත. එලෙස වැටුනු තරුණයා බෝට්ටුවේ එන්ජිමට වැදී බරපතල තුවාල සිදුවීමෙන් මුහුදේ ගිලී ඇති අතර පසුව සෙසු මිතුරන් විසින් මුහුදෙ ගිලුනු තරුණයා මන්දියර් රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

අදාල සිදුවීම සම්බන්ධයෙන් බොට්ටුවේ සිටි සෙසු මිතුරන්ගේ පොලීසිය ප්‍රශ්න කිරීම් සිදු කරන අතරම බෝට්ටුවේ ගමන්කරමින් සිටින අවස්ථාවේදී අපරික්ෂාකාරීව කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පොලීසිය සැක පල කර සිටියි. මෙලෙස බෝට්ටුවෙන් වැටී මිය ගොස් ඇත්තේ චැම්පියන්පත්තු ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කේ. පිරින්සරන් නැමති තරුණයෙකු වන අතර මරඳන්කේනි පොලීසය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.