බස් රථයක් තුළ සිහිසුන් වු තරුණයා මියයයි - කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වේ

Covid-19
By Thaya Feb 19, 2021 08:38 PM GMT
Report

කැකිරාව - මරදන්කඩවල ඇටවීරවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පසුගිය දා බස් රථයක් තුළ ගමන් කරමින් සිටිය දී අසාධ්‍ය ලෙස රෝගීවීමෙන් අනතුරුව මියගොස් තිබේ. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ, බස් රථය තුළ දී තරුණයා සිහිසුන් වී ඇති බවත් අනතුරුව රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බවය. අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී එම තරුණයා කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ. එසේ මියගොස් ඇත්තේ, 29 හැවිරිදි තරුණයෙකි.