පුංචි ලෝකාන්තයේ දී තරුණයෙක් අතුරුදන්

Missing
By Thaya Feb 07, 2021 08:49 PM GMT
Report

මඩොල්සිම පිටමාරුව ප්‍රදේශයෙන් පුංචි ලෝකාන්තය නැරඹිමට ගිය පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ, කළුතර මග්ගොන පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත. ලෝකාන්තය බැලීමට පැමිණි පිරිසක් කූඩාරම් ගසාගෙන එහි නතරවී සිට තිබේ. පසුව රාත්‍රී කාලයේදී සීතල වැඩි බව පවසා එක් පුද්ගලයෙක් වාහනයට යන බව පවසමින් පිටව ගොස් ඇත. එහෙත් පිරිස පසුව කළ සොයා බැලීමකදී ඔහු පිළිබඳ හෝඩුවාවක් නොමැතිවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් ඒම ස්ථානය වෙත ගොස් ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් එහි ළඟා වෙමින් සිටී. කෙසේවෙතත් අද දහවල් 12 පමණ වන විටත් අතුරුදන් වු පුද්ගලයා පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය. ප්‍රදේශය තුළ පවත්නා අධික මීදුම් හා වර්ෂාව ඔහු සෙවීමේ කටයුතුවලට දැඩි බාධාවක් ව ඇතැයි මඩොල්සිම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කියාසිටියේය. අතුරුදහන් වූ පුද්ගලයා වැටෙන්නට ඇතැයි සැකකෙරෙන ප්‍රපාතයට කඹයක් යොදා අඩි දෙසීයක පමණ ප්‍රදේශයක් යුද හමුදාව විසින් නිරීක්ෂණය කරමින් පවතී