රබර් කම්හලේ බොයිලේරු පුපුරා යාමෙන් තරුණයෙක් මරුට - 3කට බරපතළයි

Report

යටියන්තොට, කිරිපෝරුව වතුයායේ පිහිටි රබර් කම්හලක බොයිලේරුවක් අනපේක්ෂිතව පුපුරා යාමෙන් තරුණයෙකු මියගොස් තිබේ.

අද (02) උදෑසන 8ට පමණ සිදුවූ මෙම අනතුරින් තවත් තුනෙකු බරපතළ තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව රුවන්වැල්ල පොලිසිය පවසයි.

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

ලබන වසරේ රත්‍රං මිල යළි ඉහළ යෑමේ අවදානමක්

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, වත්තේම පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.

රබර් කිරි සමඟ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන බොයිලේරුවක් අනපේක්ෂිත ලෙස පුපුරා යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රුවන්වැල්ල පොලිසිය විසින් සිදුකරමින් පවතී.  

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

ආදරයේ රහස අද බිඳෙයි - මේ ලග්නවලට විශේෂ පණිවිඩයක්

තේ කර්මාන්තට එකතුවුණු අලුත්ම අමුත්තා ගැන දැනුම්දීමක්

තේ කර්මාන්තට එකතුවුණු අලුත්ම අමුත්තා ගැන දැනුම්දීමක්