රටේ කහ මිල අහස උසට... කල්පිටියේ කහ ගිනි තබා විනාශ කරයි...!!!

Sri Lanka
By Thaya Feb 08, 2021 05:01 PM GMT
Report

නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කර තිබු කහ කිලෝ 1380 හා ග්‍රෑම් 500ක් ගිනි තබා මුළුමනින්ම විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා. කල්පිටිය අම්මාතෝට්ටම කළපු තීරයේ සගවා තබා තිබිය දී, පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව‍ය ඒකකය මගින් පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම කහ කිලෝ තොගය ඊයේ (07) දින කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තබා මුලුමණින්ම විනාශ කල බවයි වාර්තා වන්නේ.

මෙම ගිනි තැබූ කහ තොගයේ වත්මන් වෙළද පොළ වටිනාකම රුපියල් ලක්ෂ අනූ හයක් පමණ වන බවට ගණනය බලා තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මේවන විට කහ හිඟයක් පවතින අතර වෙළඳපොලේ ද කහ සම්බන්ධයෙන් අධික ඉල්ලුමක් පවතිනවා. ශ්‍රී ලංකා වෙළඳපොලේ කහ කිලෝවක මිල ද දිනෙන් දින ඉහල යමක් පෙන්නුම් කරමින් තිබෙනවා.\


GalleryGalleryGalleryGalleryGalleryGallery