සුළු මොහොතකට පෙර යටියන්තොටදී බස් අනතුරක්
යටියන්තොට පොලිස් බල ප්‍රදේශයේ තණකොළවත්ත ප්‍රදේශයේ පෞද්ගලික සංචාරක බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව යටියන්තොට පොලිසිය ප්‍රකාශ කරයි.
ඒ අනුව මෙම අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර සිදුව ඇත්තේ සංචාරකයින් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් අද (20) දින සවස 4.00ට පමණ මෙම ස්ථානයෙන් ධාවනය කරමින් තිබියදී බව වාර්තා වේ.
එසේම මේ වන විට එම ප්‍රදේශයේ අධික වර්ෂා තත්ත්වයක් පවතින බැවින් මාර්ගය ලිස්සන සුළු බවක් ද ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.