දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකාගෙන් රිට් පෙත්සමක්
Sarath Fonseka
Petition
By Thaya
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කර තිබෙනවා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න / සෙසු සාමාජිකයින් / කොමිසමේ ලේකම් හා නීතිපතිවරයායි නම් කර ඇත්තේ.
පෙත්සම්කාර සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලු කොමිසම විසින් විභාග කළ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් තමන්ද වගකිව යුතු පුද්ගලයකු ලෙස නම් කර ඇති බවයි. කෙසේවෙතත් මෙම කොමිසම විමර්ශන සිදුකළ ආකාරය සම්පූර්ණයෙන් නීතියට පටහැනි බව පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරන්නේ පැවරී ඇති බලතල ඉක්මවා කොමිසම ක්‍රියාකර ඇති බවයි.