ලොවක් සාමය පතන මොහොතක සාම පාගමනට සියල්ල සූදානම්
අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යමින් ජාත්‍යන්තර අවධානය දිනාගත් සාම පා ගමන මේ මස 22 වැනි දා සිට 28 වැනි දා දක්වා මෙරටේ දී පැවැත් වීමට නියමිතව තිබේ.
ඒ වගේම එය පැවැත්වෙනු ලබන්නේ පුර්ණ රාජ්‍ය අනුග්‍රාහකත්වයෙන් වීම විශේෂයක් වේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලොව පුරා මාධ්‍ය අවධානය හිමි වූ අමෙරිකාවේ පැවති සාම පාගමන සඳහා නායකත්වය දුන් පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ දොළොස් නමක් මෙරට පැවැත්වෙන සාම පාද යාත්‍රාව සදහා වැඩම කිරීමට නියමිත බවයි.
මේ සාම පාගමනට සම්බන්ධ වීම සඳහා ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ඊයේ මෙරටට වැඩම කරවීම සදහා ඇමරිකාවෙන් පිටත් ව ඇත.
ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා සාම පාගමන අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලබයි .
අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද සාම පාගමනේ වැඩම කරවීමට නියමිතව තිබේ.
අප්‍රේල් 22වැනිදා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28වන දින නිදහස් චතුරශ්‍රය වෙත ළඟා වීමට සැලසුම් කර ඇත.
ඒ වගේම අවසන් දිනයේ දී සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් නිදහස් චතුරශ්‍රය වෙත වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිත බව සදහන් වේ