ශ්‍රී ලංකා - නවසීලන්ත A කණ්ඩායම් අතර පළමු සිව්දින ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකා A කණ්ඩායම සහ නවසීලන්ත A කණ්ඩායම අතර පළමු සිව්දින ක්‍රිකට් තරගය අද (16) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම සිව්දින තරග දෙකේදී නායකත්වය ලබා දෙනු ඇති.
කණ්ඩායම් දෙක අතර පසුගියදා අවසන් වූ එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 3ට 0ක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළා.