යතුරුපැදියෙන් අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනාට දරුණු අනතුරක් - බරපතළ තුවාල

Report

මඩකලපුව - කල්මුණේ පැරණි පාරේ නාවට්කුඩා දේවස්ථානය අසල සිදුවූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ  නාවට්කුඩාහි අතුරු මාර්ගයක අධික වේගයෙන් ගමන්ගත් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගොඩනැඟිල්ලක බිත්තියක ගැටීමෙනි 

තුවාල ලැබූ සිසුන් දෙදෙනා කාත්තන්කුඩි මූලික රෝහලට රැගෙන ගොස් ඉන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට යවා තිබේ.

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමිවෙයි

වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමිවෙයි

පොලීසිය සදහන් කළේ යතුරු පැදියෙන් ගමන් කළ සිසුන් හිස් ආවරණ නොපැලඳ සිටීම හේතුවෙන් බරපතළ තුවාල ලබා තිබෙන බවයි.

මෙම අනතුර පිළිබද වැඩිදුර විමර්ශන කාත්තන්කුඩි රථවාහන පොලීසිය විසින් සිදුකරනු ලබයි.

සම්මත අංක තහඩු වෙනුවට වෙනස් කරන ලද වාහන අංක තහඩු භාවිතා කරන රියදුරන්ට නීති දැඩිවෙයි

සම්මත අංක තහඩු වෙනුවට වෙනස් කරන ලද වාහන අංක තහඩු භාවිතා කරන රියදුරන්ට නීති දැඩිවෙයි