ලොව ප්‍රභලයකුගේ යූටියුබ් නාලිකාව අත්හිටුවයි

Donald Trump Youtube
By Thaya Jan 13, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාව අත්හිටුවීමට ඇල්ෆබට් සමාගම පියවර ගෙන තිබෙනවා.

මෙයට හේතුවී ඇත්තේ ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාවෙන් ප්‍රචණ්ඩත්වය ඇති කරනු ඇතැයි යන අවදානම සලකා බලමින් බව සඳහන් වනවා.

යූටියුබ් වීඩියෝ බෙදාහැරෙන සමාජ මාධ්‍ය අයත් ගූගල් සමාගමේ මවු සමාගම වන්නේ ඇල්ෆබට් සමාගමයි.

ට්‍රම්ප් සහායකයන් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසු ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ඒවායේ තිබෙන ජනාධිපති ට්‍රම්ප්ගේ ගිණුම් අවහිර කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් මේ වන විට ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාවෙන් වීඩියෝ සජිවීව විකාශය කිරීම සහ නව විඩියෝ ඊට ඇතුළත් කිරීම දින 7කට අත්හිටුවා තිබෙනවා. එසේම තිබෙන වීඩියෝවලට අදහස් ප්‍රකාශ කිරීම ද අත්හිටුවා තිබේ.

කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවීමෙන් අනතුරුව ඊයේ (12) ට්‍රම්ප් මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එය ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කර තිබුනා. එබැවින් යූටියුබ් සමාගම මෙම පියවර ගෙන ඇත.

මේ බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.