ලිංගේන්ද්‍රියන් තුනක් සහිතව උපත ලැබූ අරුම පුදුම දරුවා
Baby
By Thaya
ලිංගේන්ද්‍රියන් තුනක් සහිතව උපත ලැබූ දරුවෙක් ගැන අසාමාන්‍ය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඉරාකයේ වාර්තා අතරට එකතු වන මේ දරුවාගේ ලිංගේන්ද්‍රිය ද්විත්වයක් සැත්කමක් ආධාරයෙන් ඉවත් කර ඇති බවයි ඩේලිමේල් වාර්තා කරන්නේ.ඉරාකයේ මුසුල් නුවරින් වාර්ථා වන මේ අමුතු පුවත ගැන දැනටමත් වෛද්‍යවරුන් විවිධ මත පළ කරනවා.නම හෙළිදරව් කර නැති මේ දරුවා ගේ කතාව ලෝකයට අනාවරණය කරන විට ඔහුගේ වයස මාස තුනක් ගත ව තිබූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ලෝකයේ සෑම පිරිමි ළමුන් මිලියන පහක් හෝ හයක් අතරින් එක් අයෙකුට පමණක් ම මෙවන් අසාමාන්‍ය තත්ත්වයක් යටතේ උපත ලබන බව වෛද්‍යවරුන් සඳහන් කළා.මීට ඉහත මෙවන් සිදුවීම් 2015 වර්ෂයේ දී ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර එහි සත්‍ය අසත්‍ය භාවය ගැන පැහැදිලි කිරීමක් මෙතෙක් සිදු කර නැත.එය යම් හෙයකින් අසත්‍ය විය හැකි බව ද තොරතුරු පවතිනවා.


