රෝහල් ගත කළ කාන්තාවක් හදිසියේම මිය යයි. covid බවට තහවුරු වෙයි

Covid Women possitive
By Sithumi May 02, 2021 11:34 AM GMT
Sithumi

Sithumi

Report

රෝහල්ගත කිරීමේදී කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් මොරවක, අලපලාදෙණිය ප්‍රදේශයේ කාන්තාවක් මියගොස් තිබේ. මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ, අලපලාදෙණිය, හාවාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අදාළ කාන්තාව ශ්වසන අපහසුතා හේතුවෙන් ඊයේ (01) දිනයේ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ බවය. සිදුකළ පරික්ෂණවලදී ඇයට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. කෙසේවෙතත් රෝහල්ගත කිරීමෙන් පසු එම කාන්තාව මියගොස් ඇති බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය. මියගිය කාන්තාව 44 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ ආශ්‍රිතයින් 30කට අධික පිරිසක් නිරෝධායනට ලක්කිරීමට පියවර ගෙන තිබේ. සමීප ආශ්‍රිතයින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.