සඳ වෙත පළමුවරට කාන්තාවක් යවන දිනය මෙන්න

Moon
By Thaya Mar 13, 2021 07:04 PM GMT
Thaya

Thaya

Report

රුසියානු සහ චීන අභ්‍යවකාශ නියෝජිත ආයතන සඳ මත ඒකාබද්ධ චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. සඳ මත මානව පැවැත්මක් ඇති කිරීමේ අපේක්ෂාව ඇතිව, දිගුකාලීන මිනිසුන් රහිත මෙහෙයුම් සඳහාත් පුළුල් පර් යේෂණ අත්හදා බැලීම් සඳහාත් සහාය ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙමගින් අදාළ පර්යේෂණ සඳහා උනන්දුවක් දක්වන සියලුම රටවලට පහසුකම් සැපයීමටද අපේක්ෂා කරයි.

ජාත්‍යන්තර චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය International Lunar Research Station, ( ILRS ) නමින් හැඳින්වෙන මෙය සඳ මත හෝ සඳ වටා කක්ෂගත ස්ථානයක පිහිටන සේ තැනීමට නියමිතය. 1972 වසරෙන් පසු සඳ ගමන් මෙහෙයුම් අතහැර දමා සිටි අමෙරිකාව දැන් නැවතත් සඳ මත ජනාවාස ඇරඹීම සඳහා සූදානම්ව සිටියි. ආර්ටේමිස් Artemis, ලෙස නම් කර ඇති ඔවුන්ගේ චන්ද්‍රමෙහෙයුම 2024 වන විට ක්‍රියාත්මක වීමට නියමිත අතර සඳ වෙත පළමුවරට කාන්තාවක් යැවීමටද බලාපොරොත්තු වේ රුසියානු චන්ද්‍ර මෙහෙයුමක් අවසන්වරට සිදුවූයේ 1976දී ලූනා 24 සඳ ගමනත් සමඟය. චීනය සිය මුල්ම චන්ද්‍ර ගවේෂණ යානය 2019දී පතිත කළේය. දැන් මේ දෙරටම නව චන්ද්‍ර ගවේෂණ යුගයක් එක්ව ඇරඹීමට සූදානම්ය.


GalleryGalleryGallery