ගෘහ සේවයේ යොදවා කාන්තාවක් බරපතළ ලිංගික අතවරයකට ලක්කළ හැටි
වේයන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට බරපතල ලිංගික හිංසන සිදුකොට,මරණ තර්ජන එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ගම්පහ - දිවුලපිටිය නගරාසන්නයේ පිහිටා ඇති ඔහුගේ නිවස ඊයේ රාත්‍රියේ පොලිසිය වැටලුවේ අදාල කාන්තාව සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ.සිදු කළ දැනුම්දීමක් අනුවයි.
වේයන්ගොඩ - නයිවල ප්‍රදේශයේ පුද්ගලයෙකු 23 හැවිරිදි එක්දරු මවක් වන මෙම කාන්තාවට නිවෙසක ගෘහසේවය සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ අනුව අදාල නිවසට ගිය ඇයට නිවෙස්හිමි පුද්ගලයා බලහත්කාරයෙන් බරපතල ලිංගික හිංසන සිදුකර තිබේ.
තමාට සිදු වු අසාධාරණය ඇය පොලිසියට හෝ පැමිණිලි නොතිබුනේ ඇයට දිගින් දිගටම පැමිණි මරණ තර්ජන හේතුවෙන්. අප මෙම කාන්තාව දිවුලපිටිය පොලිසිය වෙත යොමු කළේ ඒ පිළිබද හිරු ප්‍රවෘත්ති හරහා අනාවරණය කිරීමෙන් අනතුරුවයි. අදාළ කාන්තාවගේ පැමිණිල්ලට අනුව පොලිසිය ඊයේ රාත්‍රියේම සැකකාර කාමාතුරයා සොයා ගියා. ගම්පහ - දිවුලපිටිය නගර ආසන්නයේ ඇති ඔහුගේ නවාතැනේදීම සැකකරු කොටු කර ගැණුනේ මෙලෙසින්. තමා කෲර ලිංගික වධහිංසාවලට ලක් වු නිවස ද මෙම නිවස බව ඇය තහවුරු කළා.
අදාල නිවස මෙන්ම පුද්ගලයාව ද පොලිසියේ දැඩි පරීක්ෂාවට ලක් වුණා. අත්අඩංගුවට ගැණුනු අතර පොලිස් සොකෝ කණ්ඩායම යළිත් අද උදෑසන නිවස සෝදිසි කළා. අදලා කාන්තාවට මෙම නිවස හදුන්වාදුන් පුද්ගලයාව ද පොලිසිය අත්අඩංගුවට ගත්තා. තවත් කාන්තාවන් මෙම පුද්ගලයාගේ බලපෑම්වලට හසුවී ඇත්තැයි පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක අතර සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කෙරුනේ.