කුඩු සමග කතක් අත්අඩංගුවට

Police
By Thaya Apr 01, 2021 04:31 AM GMT
Thaya

Thaya

Report

පිළියන්දල, ගල්කිස්ස, අඟුලාන යන ප්‍රදේශවල සිදු කළ වැටලීම් 4දී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඒ අතර කාන්තාවක්ද වනවා. එමෙන්ම කතරගම ප්‍රදේශයේදී ගංජා කිලෝ ග්‍රෑම් 6ක් සන්තකයේ තබා ගත් 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා