මිනීමරු නිලධාරින් ඇතුලේ ඉන්න සාක්ෂිකරුවන්ට වධ දෙනවා.. ඔවුන්ව ආරක්ෂා කර දෙන්න
Tortured
By Thaya
එකොලොස් දෙනකු මරා දමමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේ සමුලඝාතක අපරාධය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට බන්ධනාගාරය තුලදී විවිධ වධ හිංසන එල්ල වන බවට සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් චෝදනා කරයි.
"අපි දිගින් දිගටම කියන්නේ මේ මිනිමරුවොන්ගේ යටතේ තමයි අද මේ සාක්ෂි කරුවෝ ඉන්නේ. මේ ගොල්ලෝ මොන ක්‍රමයෙන් හරි මේ සාක්ෂි වළලන්න විශාල උත්සාහයක් දරනවා. "
මහර බන්ධනාගාරයේ සිටින "මිනීමරු" නිලධාරීන් වෙනත් බන්ධනාගාරයකට මාරු කර සාක්ෂි ආරක්ෂා කරන ලෙස විෂයභාර අමාත්‍යවරයාගෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා ඉල්ලා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.