විමල් මීලග රාජ්‍ය නායක වීමේ ගමනක.. ඔහුට බියවී රාජපක්‍ෂ පවුලෙන් කුමන්ත‍්‍රණයක්.

Wimal
By Thaya Feb 14, 2021 04:40 PM GMT
Thaya

Thaya

Report

මහින්ද සුළඟ ආරම්භ කරන ලද්දේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර බන්දුල ගුණවර්ධන ආදීන් විසින් බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් එලවන්න හදන්නේ රාජපක්ෂ පවුලේ කුමන්ත්‍රණයක් අනුව යැයි ද උන්වහන්සේ කියා සිටිති.

මහින්ද රාජපක්ෂ යළි දේශපාලනයට ගෙන ආවේ විමල් වීරවංශ බව පිළිගත යුතු බවද පවසන උන්වහන්සේ බැසිල් විමල් ගැටුම කාලයක් තිස්සේ පවතින එකක් බවද පෙන්වා දෙති.

රටේ මීළඟ නායකයා වීමේ ගමනක් විමල් වීරවංශ පැමිණ ඇති බවත් රාජපක්ෂ පවුල ඒකට බය වී ඇති බවත් උන්වහන්සේ තවදුරටත් සඳහන් කරති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂට රටේ ජනතා මනාපයක් නැති නිසා නායකත්වය නුසුදුසු බවත් උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.