මේපාර දුඹුරු සීනි මිල අඩුවෙයි?... කරන්න හදන දේ මෙන්න.

Sugar
By Thaya Feb 16, 2021 07:02 PM GMT
Thaya

Thaya

Report

දුඹුරු සීනි ආනයනය නතර කිරීමට උක්, ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හය ලක්ෂයක් බවයි. ඉන් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක් දුඹුරු සීනි බව ද ඔහු ප්‍රකාශ කළේය. සීනි ආනයනයට වාර්ෂිකව වැය වන රුපියල් බිලියන 40ක මුදල අඩු කර ගැනීමට මෙම වැඩපිළිවෙළින් අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.