වීජමු ලොකුබණ්ඩාර IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට
Wijamu Lokubandara
By Thaya
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊයේ (06) රාත්‍රියේ සිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවය. මේ අතර අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ. මේ අතර මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 63,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අද දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 807 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමගය. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 63,401 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය