ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ගේ ගිණුමකට ගියේ කොහොමද - නාමල්ගෙන් ප්‍රශ්නයක්

Report

විදේශ රටකට ණය වශයෙන් ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක (ලක්ෂ 25ක) මුදලක් හැකර්වරුන්ගේ ගිණුමකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය වහාම පිළිතුරු දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ බාල ගල් අඟුරු ගෙන්වීමෙන් සිදුවූ පාඩුව ජනතාව පිට පටවන අතරතුර, රජයේ නිලධාරීන් විසින්ම මෙලෙස රජයේ මුදල් වංචනික ගිණුම්වලට බැර කර ඇති බවයි.

භාණ්ඩාගාරයේ සන්නිවේදන පද්ධතිය හැක් කරයි - ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් හැකර්වරු අතට

භාණ්ඩාගාරයේ සන්නිවේදන පද්ධතිය හැක් කරයි - ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් හැකර්වරු අතට

ව්‍යාජ ඊමේල් පණිවිඩයක් (Spam) මත පදනම්ව මෙතරම් විශාල මුදලක් ගෙවා දැමීම බරපතළ ගැටලුවක් බවත්, මෙම සිද්ධිය පසුගිය දෙසැම්බර් මාසයේදී සිදුව තිබියදීත් රජය මෙතෙක් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මුදල් අමාත්‍යාංශයේ මෙම මුදල් සැබවින්ම හැකර්වරුන් අතට පත්වූවාද නැතහොත් වෙනත් "හොර ගිණුමකට" බැරවූවාද යන්න පිළිබඳව ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කරයි

පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම නියම කරයි