ව්‍යාජ සුරාබදු නිලධාරියකු විදේශ මත්පැන් තොගයක් සමගින් කොටු වුයේ කාටද?....
ෆේස් බුස් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා රහසිගතව විකිණීමට සුදානම් කරමින් තිබු රුපියල් ලක්ෂ හතරක් වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු කටුනායක ගුවන්තොටුපල ආසන්නයේදි ඊයේ (08)කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් ලීටර් 40.000 ක්තිබු බව කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී චන්න වීරක්කොඩි මහතා පවසයි. සැකකරු කාලයක් තිස්සේ ඉතා රහසිගතව විදේශීය මත්පැන් ජාවාරම සරුවට සුදුකරගෙන ගොස් ඇති අතර පසුගිය කොරෝනා සමයේ ගුවන් තොටුපල වසා තිබු බැවින් තම ජාවාරම අඩාල වි තිබිණ.
විදේශයෙන් මෙරටට ආනයනය කරන ලද විදේශීය මත්පැන් පසුගියදා යළි ගුවන් තොටුපල විවෘත කිරීමත් සමගින් සුරාබදු දෙපාර්තුමේන්තුවේ නිලධාරින් ලෙස පෙනි සිටිමින් මත්පැන් ජාවාරම සමාජ මාධ්‍ය ඔස්සේ යළිත් ආරම්භ කර තිබේ. විදේශීය මත්පැන් ඇනවුම් කරන්නන්ද සුරාබදු නිලධාරීන් අලෙවි කරන බැවින් කිසිදු බියක් සැකක් නොමැතිව මිලදී ගැනීමට ඉදිරිපත් වන බවද සැකකරු පාපොච්ජාරණය කර තිබේ. නමුත් ව්‍යාජ සුරාබදු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මත්පැන් ජාවාරමේ නිරත වුවන් සැබෑ සුරාබදු නිලධාරීන්ටම කොටුවීම මවිතය දනවන්නකි. අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 11 වැනිදින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ගුණසිරි ,සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත,කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් අධිකාරී චන්න වීරක්කොඩි හා කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ,කෝප්‍රල් නිලන්ත(997) යන අයගේ ඔත්තුවකට අනුව පරීක්ෂක දිප්ත කුමාර ,සුරාබදු කෝප්‍රල් වරුන්වන සිසිල් ,හර්ෂ,නියාමක මංජුල,රියදුරු එදිරිසිංහ යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.