ශ්‍රී ලංකාව අවදානමේ. WHO අනතුරු අඟවයි

WHO Sri lanka
By Sithumi May 15, 2021 02:38 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙන්නේ කොවිඩ් -19 ආසාදිතයින් රෝහල්ගත කිරීම්වල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ පවතින බවය.

දෛනික මාධ්‍ය හමුවේදී වත්මන් කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ පවතින තත්ත්වය පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන බවය.

ඊට අමතරව නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය සහ ඊජිප්තුව යන රටවල් ද හදිසි අවශ්‍යතා සහිත රටවල් බව ඔහු පෙන්වාදී තිබේ. මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එකම පියවර එන්නත් ලබාදීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ වනවිට එන්නත් සැපයීම ප්‍රධාන අභියෝගයක් ලෙස පවතින අතර එන්නත් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now