මීළඟ අගමැති අපේක්ෂක කවුරුන් වේ ද...

Prime Minister
By Thaya Mar 26, 2021 05:48 PM GMT
Report

මීළඟට පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනුයේ කවුරුන්දැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයෙකු විමසා ඇතැයි වාර්තා වේ. මහින්ද රාජපක්‍ෂ මහතාම අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නේ නම් කිසිම ගැටළුවක් නැතැයිද එනමුත් වෙනත් අයෙක් අගමැති අපේක්‍ෂක වන්නේ නම් ගැටඝුවක් ඇතැයිද එම ඇමතිවරයා පැවසූ බව නෙත් ගුවන් විදුලිය වාර්තා කළේය. පසුගිය සතියේදී මෙවන් හමුව සිදු වී ඇතැයි ද එම වාර්තාව තව දුරටත් පැවසීය.