දුරකථන කුළුනට ගහපු අකුණ මිනිසුන් 17කට වදී...(PHOTOS)

Hatton Hospital Whether
By Aruna May 23, 2021 09:13 AM GMT
Aruna

Aruna

Report

අකුණු සැර පතිත විමෙන් ඇති වු කම්පනයකින් සහ පිලිස්සුම් සුළු තුවාල ලැබු වතු කම්කරුවන් 17 දෙනෙකු (23) දින කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවා.

කොටගල ඩ්‍රෙටන් තේ වත්තේ වැඩ කරමින් සිටියදි (23) දින උදැසන 10.30 ට පමණ එම වත්තේ සවි කර ඇති දුරකථන රැහන් කුළුණකට අකුණු සැර පතිත වී තිබෙනවා.

අකුණු සැර වැදිමත් සමග ඒ අසල වැඩ කරමින් සිටි වතු කම්කරුවන් අකුණු සැරෙන් බේරිම සදහා දිව යන අවස්තාවේ තවත් වතු කම්කරුවන් පිරිසක් තුවාල ලබා ඇති බවයි දිස්ත්‍රික් වෛද්‍යවරිය කියා සිටියේ.

දුරකථන කුළුණට අකුණු සැර පතිත වුවද එම දුරකථන කුළුණේ අකුණු සන්නායක සවි කර ඇති නිසා පතිත වු අකුණ අසල තේ වත්තට පතිත වු බවයි අකුණු සැර වැදිමෙන් තුවාල ලැබු සහ කම්පනයට පත් වතු කම්කරුවන් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


GalleryGalleryGalleryGallery