මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ශ්‍රී ලංකාවට කුමක් වේ ද?

Sri Lanka Human rights council
By Thaya Mar 29, 2021 07:12 PM GMT
Thaya

Thaya

Report

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය දා අනුමත කළ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව රටට එරෙහිව ගෙන එන ලද්දක් ලෙස සමහරුන් හඳුන්වා දෙද්දී ඇතැමෙකු පවසන්නේ එය රටේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණින් ගෙන ආ යෝජනාවක් බවය.

මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වීම තුළින් රටට ආර්ථික සම්බාධක පැමිණවීමේ අවදානමක් ඇති බව තවත් සමහරෙක් පෙන්වා දෙති. ඒ අනුව සැබවින් ම එම යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වීමෙන් ඇතිවිය හැකි බලපෑම කුමක්දැයි සොයා බැලීම ඉතාවැදගත් වේ.

මෙම යෝජනාවෙහි වැදගත්ම අංග ලෙස සැළකෙනුයේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට පැවරෙන පහත සඳහන් වගකීම් බව ඒ පිළිබඳ අදහස් පළකරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සඳහන් කර තිබිණි.

"ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ අරමුණින් සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට තීරණය කරයි. ශ්‍රී ලංකාවේ දළ වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ හා වෙනත් කටයුතුවලට සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම.මේ අනුව මහ කොමසාරිස්වරියගේ කාර්යාලයෙහි විශේෂ ඒකකයක් පිහිටුවනු ලබන අතර ඊට නීතිවේදීන්ද ඇතුළත් වෙයි. මේ සඳහා ඉදිරි මාස 22 සඳහා ඩොලර් මිලියන 2 ක්වැය ශිර්ෂයෙන් ලැබෙනු ඇත. කවර රටකදී හෝ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෝ මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් කවරකුට හෝ නඩු පැවරීමට අවශ්‍ය තොරතුරු මෙම ඒකකය මගින් ලබාදෙනවා ඇත." යනුවෙන් ඔහු පෙන්වා දී තිබිණි.