මාස්ක් නැතිව ගිය 2334කට කරපු දේ මෙන්න...46කටත් කොරෝනා.

Covid-19 Police Corona Virus
By Thaya Jan 13, 2021 06:34 PM GMT
Report

ගත වු සතියක පමණ කාලය තුළ බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලඳි පුද්ගලයින් 2,334 දෙනෙකු පී.සි.ආර්.සහ රැපිඩ් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (11) දිනය තුළ ද පුද්ගලයින් 121 එම පරීක්ෂණ සදහා යොමුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව එම පරීක්ෂණවලින් මේ දක්වා ලැබී ඇති ප්‍රතිඵල මත පුද්ගලයින් 46 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

එම ආසාදතයින්ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනය සිදුකර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 2,438 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.