මාස්ක් නැතිව ගිය 2334කට කරපු දේ මෙන්න...46කටත් කොරෝනා.
Covid-19
Police
Corona Virus
By Thaya
ගත වු සතියක පමණ කාලය තුළ බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලඳි පුද්ගලයින් 2,334 දෙනෙකු පී.සි.ආර්.සහ රැපිඩ් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ (11) දිනය තුළ ද පුද්ගලයින් 121 එම පරීක්ෂණ සදහා යොමුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව එම පරීක්ෂණවලින් මේ දක්වා ලැබී ඇති ප්‍රතිඵල මත පුද්ගලයින් 46 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.
එම ආසාදතයින්ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනය සිදුකර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 2,438 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.