විමල් වෙනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසු දේ

Wimal
By Thaya Feb 10, 2021 06:30 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් ලේකම්වරයා ඇතුළු මන්ත්‍රිවරුන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ජාතික බලවේග සිදුකළ කැපකිරීම් හේතුවෙන් බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද (10)පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

“පොදු සංවිධානයක ගොඩනගන්න ඕනේ කියන යෝජනාව ඇතිවුණේ අභයාරාමයෙන්. ළමයා ඉපදුනායින් පස්සේ, නමක් දැම්මේ. මං හිතනවා විමල් වීරවංශ මහතා ඇතුළු 4 ක් 5ක් එකතුවෙලා පළවෙනියෙන්ම සාකච්ඡාවක් තිබ්බා නුගේගොඩ “මහින්ද සුළඟ“ කියලා. මහින්ද සුළඟ ආරම්භ කරලා මේ රටේ නව පුනර්ජීවනයක් ඇති කරලා අලුත් ආණ්ඩුවක් පත්කර ගන්න ශක්තිය ලබාදීලා ජනතාව දැනුවත් කරපු කෙනෙකුට පොහොට්ටුවේ ලේකම්තුමා කියනවා “අත දාන්න විමල් වීරවංශට අයිතියක් නෑ කියලා“ මම එතුමාගෙන් අහන්න කැමති කවුද මේකට අතදාන්න කැමති එක්කෙනා කියලා. අද ඔබට මෙහෙම පාර්ලිමේන්තු ගිහින් කතා කරන්න ශක්තියක් ලබා දුන්නේ මහින්ද සුළඟත්, පැවිදි හඬත් කියන එක අමතක කරන්න එපා. විමල් වීරවංශ මහතා වැනි අයට මෙවැනි සදාචාරාත්මක නොවන ප්‍රකාශ නිකුත් කරනවා නම් අපිට සිද්ධවෙනවා ඒවට විරුද්ධ වෙන්න.“