පොහොය දින මත්පැන් ජාවාරමේ නිරත වුවන්ට සිදුවු දේ ?

Liquor
By Thaya Jan 31, 2021 06:03 PM GMT
Thaya

Thaya

Report

පොහොයදින නුවර ,මහනුවර හෑදෙනිය ,පොත්තපිටිය හා බුලත්කොහුපිටිය යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් 8 දෙනෙකු වටලා රුපියල් 50.000/- දහසක් වටිනා මත්පැන් තොගයක් මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 20 000 ක් ,රජයේ අනුමත අරක්කු මිලි ලීටර් 2250 ක්, බැරල් හා දගර ඇතුළු උපකරණ තොගයක් තිබුබව මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවි පතිරණ මහතා පවසයි.

සෝදිසි මෙහෙයුමේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් ,බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකුණු ස්ථාන දෙකක් හා නිති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත හතර දෙනෙකු කොටුකර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී මහනුවර හා රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මධ්‍යම පලාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්ත, සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත, මධ්‍යපලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවි පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂකවරුන්වන අනුර අලුත්ගේ ,එදිරිසිංහ,කෝප්‍රල් පතිරණ ,නියාමක වරුන්වන සංඛ ,ධනුෂ්ක රියදුරු බණ්ඩාර යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.


GalleryGallery