ශ්‍රී ලංකා කොදෙව් ටෙස්ට් තරඟයට වෙච්ච දේ..

Sri Lanka West Indies
By Thaya Mar 26, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ, ලකුණු 375ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් පිතිකරුවන් පිටිය තුළ ස්ථාවරත්වයක් ගොඩ නගා ගනිමින්. පස්වන දිනයට තරගය ආරම්භ කරන විට ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු ලකුණු 34ක් ලබාගෙන සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස නායක ක්‍රේග් බ්‍රැත්වයිට් ලකුණු 23කට දැවී ගිය අතර සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නක්රුමා බොනර් නොදැවී ලකුණු 113ක් ලබා ගැනීමට සමත්වුණා.

මෙහිදී විශ්ව ප්‍රනාන්දු, ලසිත ඇඹුල්දෙනිය සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් ලබාගනු ලැබුවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ දමමින් පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට කොදෙව් ක්‍රීඩකයින් සමත් වුණා. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 169ක් ලබා ගත් අතර කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 271ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට ලකුණු 471ක් ලබා ගැනීමට සමත් වූ අතර එහිදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කළා. ඔහු ලබා ගත් ලකුණු ගණන 103ක් වන අතර නිස්සංක තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවා. දෙරට අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ලබන 29වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ReeCha