මහපාරෙ මහදවල් පුද්ගලයෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්ට අවසානෙදි වෙච්ච දේ.
Police
By Thaya
පන්නිපිටියේ ලොරි රියදුරෙකුට පහර දුන් රථවාහන පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍යවල පුළුල් විවේචන එල්ල වීමෙන් පසු පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. රථවාහන රාජකාරියේ යෙදී ඇතැයි උපකල්පනය කරන පොලිස් නිලධාරියා පාර මැදදී පුද්ගලයෙකුට පහර දෙන බව වීඩියෝවේ දැක්වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මහරගම පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයාව ලොරි රථයක් හප්පාගෙන යෑමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවයි.