මත් ජාවාරම් කරුවන් නොසිතූ මොහොතක සුරාබදු නිලධාරීන්ට කියු දේ..

Police Drugs
By Thaya Jan 20, 2021 07:33 PM GMT
Thaya

Thaya

Report

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන සැකකරුවන් 09 දෙනෙකු දිප්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (19) ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ වරද පිළිගත් සැකකරුවන්හට රුපියල් 78 000/- දඩ මුදලක් ගෙවන ලෙස නියම කළ පුවතක් මධ්‍ය පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයෙන් වාර්තාවෙයි.

මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මාවනැල්ල ,වහරක්ගොඩ ,හෙම්මාතගම වැවින්න වත්ත ,ගල්ලෑල්ල හා තිරිංගදෙනිය යන ප්‍රදේශවල ඊයේ (18) සිදු කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් ,ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හෙරොයින් ජාවාරම් කරුවන් 05 කුද,ගංජා ජාවාරම් කරුවන් 03 දෙනෙකුද ,නීති විරෝධී සිගරැට් ලග තබා ගෙන සිටි සැකකරුකුද අත්අඩංගුවට ගත් බව මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවි පතිරණ මහතා පවසයි.

අදාල සැකකරුවන් ඉතා රහසි ගතව මත්ජාවාරම කරගෙන ගියද නිලධාරීන්ගේ ඇසට වැලි ගසමින් පැන යාමට සැරසුනත් ඉතා සුක්ෂම අයුරින් කොටු කර ගෙන තිබේ එහිදී සැකකරුවන් ළග තිබී හෙරොයින් ග්‍රෑම් 2.295 ක් ,ගංජා ග්‍රෑම් 12 ක්,තීරු බදු නෙගෙවු සිගරැට් 4 ක් සොයා ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

අදාල සැකකරුවන් දිප්පිටිය මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකුට රුපියල් දස දහසක් (10,000/=) බැගින් රුපියල් පනස් දහසක් (50,000/=) ද ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකුට රුපියල් හය දහසක් (6,000/=) බැගින් රුපියල් දහඅට දහසක් (18,000/=) ද තීරුබදු නොගෙවූ සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකරුට රුපියල් දස දහසක් (10,000/=) ද බැගින් මුලු එකතුව රුපියල් හැත්තෑඅට දහසක ( 78,000/= ) දඩ නියම කර ඇත.

මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩබලන සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න මහතා ගේ අධීක්ෂණයෙන් මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක මලවිපතිරණ මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක වරුන් වන රණවීර මහතා, එදිරිසිංහ මහතා, සුරාබදු සැරයන් 843 ජයලත් මහතා, කාන්තා සුරාබදු සැරයන් 65 ප්‍රියන්තිකා මහත්මිය, සුරාබදු නියාමකවරුන් වන 1055 උදාර, 1139 ධනුෂ්ක සහ සුරාබදු රියදුරු බන්ඩාර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ


GalleryGallery