අත්අඩංගුවට ගත් චූලා පොලිසියේ සිටම Live ඇවිත් කිව්ව දේ

Police
By Thaya Apr 08, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි සහ හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍රව අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළ ද තමන් හා කැරොලයින් ජූරි අත්අඩංගුවට පත් නොවූ බව චූලා පත්මේන්ද්‍ර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටිනවා. කෙසේ වුවද ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර ඇතුළු පිරිස අද (08) පෙරවරුවේ කුරුඳුවත්ත පොලිසිය කැඳවා ඇති අතර ප්‍රකාශයක් ගැනීමෙන් පසු මොවුන් දෙදෙනාව සාපරාධී බලහත්කාරකම් සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ. චූලා පත්මේන්ද්‍ර කුරුඳුවත්ත පොලිසියේ සිට නිකුත් කළ වීඩියෝව පහතින්