ඉන්දීය කොන්ඩම් නිෂ්පාදන සමාගමක් ලංකාවේ කරපු වැඩක් ලීක් වෙයි..

Report

රෝහල්වල පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය මග හරවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඖෂධ ගෙන්වීමට සූදානම් වන ඉන්දීය සමාගම කොන්ඩම් නිෂ්පාදන සමාගමක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජීව මහතා පවසනවා.

මෙවැනි සමාගමකට විවිධත්වයකින් යුතු ඖෂධ වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් සැපයීමට පවතින හැකියාව ප්‍රශ්න සහගත බවත් වහාම මෙම සමාගම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කළ යුතු බවත්, කොළඹ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළා.

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..නව මිල ගණන් මෙන්න.

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..නව මිල ගණන් මෙන්න.


මෙතෙක් කල් මෙරටට ඖෂධ ආනයනය කරනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ පෞද්ගලික ඖෂධ ආනයනකරුවන් විසින් බවයි ඒ මහතා හෙළි කළේ.

පසුගිය ජූලි 23 වැනිදා වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද කැබිනට් පත්‍රිකාවෙන් තහවුරු වන්නේ, අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු රජය සමග ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවටයි.

එම නිසා මෙම කැබිනට් පත්‍රිකාව අනුමත කිරීමට පෙර මෙම කොන්ඩම් නිෂ්පාදන සමාගම සම්බන්ධව පසු විපරමක් කරන ලෙස සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කරනු ලැබී ය.

ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ගෙන් දිලිත් ජයවීර එකට එයි..අනුර,සජිත්,රනිල් සහ නාමල්ට හිමිවූ තැන මෙන්න..

ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ගෙන් දිලිත් ජයවීර එකට එයි..අනුර,සජිත්,රනිල් සහ නාමල්ට හිමිවූ තැන මෙන්න..


මෙරට තුළ සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ඖෂධ වර්ග 862ක් හඳුනාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ හේතුවෙන් ඖෂධ ආනයනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් සහ පෞද්ගලික ඖෂධ ආනයනකරුවන්ගෙන් ගිලිහෙන බවද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.