විහාරස්ථාන හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 25 ක කප්පම් ගන්න ගිහින්

Police
By Thaya Apr 07, 2021 09:26 PM GMT
Report

මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 5ක කප්පම් මුදල් ලබා ගැනීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙක් කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. අදාළ සැකකරුවන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ඉල්ලා එයින් කොටසක් ඊයේ (06) දිනයේ දී ලබාගැනීමට යාමේ දී මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබෙනවා. සැකකරුවන් අද (07) දින මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි