වැලිකඩ බන්ධනාගාරය හොරණට...භයානක අය අධි ආරක්ෂිත කුටිවලට.

Police Buwelikada Horana Lohan Ratwatte
By Thaya Feb 25, 2021 05:52 PM GMT
Thaya

Thaya

Report

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙනවිත් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට සැලසුම් කරඇති බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ඒ මගින් බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කරගත හැකි බවය. ගාල්ල, බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ලොහාන් රත්වත්ත රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

එහිදී, "ලංකාවේ සිටින භයානක කියලා කියන සිරකරුවන් සියලු දෙනාම මේ බන්ධනාගාරයට ගේන්නයි බලාපොරොත්තුව. දැනට මෙහි අධි ආරක්ෂිත කුටි 32ක් තියෙනවා. තවත් කුටි 32ක් මාස දෙකකින් අපිට නිමකර ගන්න පුළුවන් වෙයි. බන්ධනාගාර අමාත්‍යාංශය භාර ගන්නකොට බන්ධනාගාරවල 30,000ක් විතර රැඳවියන් හිටියා. අද අපි ඒක 19,000කට පමණ අඩු කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන්නේ වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙන ගිහින් අධි ආරක්ෂිත නවීනතම බන්ධනාගාරයක් හදලා බන්ධනාගාර තදබදය අඩු කරන්නයි."

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂාවට තර්නයක් ඇති බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුව ආරක්ෂිත තනි කුටියක රැඳවීමට පියවර ගත් බවද එහිදී ලොහාන් රත්වත්ත මහතා කියා සිටියේය.