දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවධානම් තත්ත්වටයක්...

Weather Galle Polonnaruwa Mathara Rathnapura
By Aruna May 10, 2021 02:30 AM GMT
Aruna

Aruna

Report

  අද (10) දිනය තුළ දිස්ත්‍රික්ක කිහිපයකට තැනින් තැන මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල විශේෂයෙන් උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුරය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ විමසිලිමත්ව සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොළ සහ ඕපනායක ප්‍රාදේශ සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ එම ප්‍රදේශවල බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩාවැටීමට සහ පොළොව ගිලා බැසීමට ඇති අවදානම් පිළිබඳ ජනතාව වැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now