පැය 10ක ජලය කප්පාදුවක් - සිදුවන ප්‍රදේශයන් ගැන ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් ප්‍රකාශයක්..

By krishani May 20, 2022 11:45 PM GMT
Report

ජලය බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුතු නිසා අද(21) දින රාත්‍රී 10.00 සිට පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත්, කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට එම කාල සීමාවේ දී අඩු පීඩනයක් යටතේ ජලය සපයනු ඇති බවත් එම මණ්ඩලය නිවේදනය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join