අද උදෑසන සිට ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න..

Kelaniya Waththala Kaluthara Water cut Gampaha
By Aruna May 19, 2021 01:47 AM GMT
Aruna

Aruna

Report

බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ම අද (19) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

සපුගස්කන්ද විදුලි උප පොළෙ හි හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

පෑලියගොඩ, වත්තල - මාබෝල, ජා - ඇළ නගර සභා බලප්‍රදේශවලටත් කටුනායක සීදූව නගර සභා බලප්‍රදේශයටත් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා - ඇළ ප්‍රාදේශිය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව අද පෙරවරු 08.30 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව හෙට (20) පෙරවරු 08.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now