හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු අද

Report

හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණ­ව­ර්ධන මහ­තාට එරෙ­හිව පවරා ඇති අල්ලස් නඩු 4ක තීන්දු අද කොළඹ මහා­ධි­ක­ර­ණ­යේදී ප්‍රකාශ කිරී­මට නිය­මි­තව තිබේ .

ඔහු සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ සමයේ නිසි ක්‍රියා පටි­පා­ටි­යෙන් බැහැ­රව වාහන 11ක් කුලී පද­නම මත ලබා­ගෙන රජ­යට රුපි­යල් ලක්ෂ 114කට අධික පාඩු­වක් සිදු­කි­රීමේ චෝද­නාව යටතේ  මෙම නඩු ගොනුකර ඇත.

බුදු තෙමගුල සිහි කරන රාජ්‍ය වෙසක් මහෝ­ත්ස­වය හෙට සිට

බුදු තෙමගුල සිහි කරන රාජ්‍ය වෙසක් මහෝ­ත්ස­වය හෙට සිට

විත්ති­කරු සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කර­මින්, නිසි කාර්ය­ප­ටි­පා­ටි­යෙන් බැහැ­රව අත්පිට මුද­ලට වඩා වැඩි වටි­නා­ක­ම­කට කුලී පද­නම මත එම ආය­ත­න­යට වාහන ලබා ගැනී­මෙන් රජ­යට පාඩු කළ බවට චෝදනා කර මෙම නඩු ගොනු­කර තිබේ .

මෙම නඩු­වල තීන්දුව පසු­ගිය අප්‍රේල් මස 30දා ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තව තිබු­ණද, එදි­නට අදාළ නඩු තීන්දු සූදා­නම්ව නොති­බීම හේතු­වෙන් කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහා­යිල් මහතා විසින් අද (26දා) තීන්දුව ප්‍රකා­ශ­යට පත් කරන බව දැනුම් දී ඇත