හිටපු නියෝජ්‍ය ඇමති සරණ අධිකරණයට

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ .

ඒ සඳහා ඔහු මේ වන විට කොළඹ මහාධිකරණයට පැමිණ ඇත.

ඔහු සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ සමයේ නිසි ක්‍රියා පටි­පා­ටි­යෙන් බැහැ­රව වාහන 11ක් කුලී පද­නම මත ලබා­ගෙන රජ­යට රුපි­යල් ලක්ෂ 114කට අධික පාඩු­වක් සිදු­කි­රීමේ චෝද­නාව යටතේ මෙම නඩු ගොනුකර ඇත.

හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු අද

හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු අද

විත්ති­කරු සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කර­මින්, නිසි කාර්ය­ප­ටි­පා­ටි­යෙන් බැහැ­රව අත්පිට මුද­ලට වඩා වැඩි වටි­නා­ක­ම­කට කුලී පද­නම මත එම ආය­ත­න­යට වාහන ලබා ගැනී­මෙන් රජ­යට පාඩු කළ බවට චෝදනා කර මෙම නඩු ගොනු­කර තිබේ .

මෙම නඩු­වල තීන්දුව පසු­ගිය අප්‍රේල් මස 30දා ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තව තිබු­ණද, එදි­නට අදාළ නඩු තීන්දු සූදා­නම්ව නොති­බීම හේතු­වෙන් කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහා­යිල් මහතා විසින් අද (26දා) තීන්දුව ප්‍රකා­ශ­යට පත් කරන බව දැනුම් දී ඇත